සැලුන් එක

සැලුන් එක

ඔන්න මචංලා...එංගලන්තයේ බුවෙක් සැලුන් එකක් පටන් ගත්තලු අලුතින්ම.... පලවෙනි දවසෙම ආවලු පොලිස් කාරයෙක්.... සැලුන් එකට එන්නෙ ඉතින් අහවල් වැඩකටයෑ...කොණ්ඩෙ කපන්නනෙ...පොරගෙ කොණ්ඩෙ කපල සල්ලි දෙන්න යනකොට....ලඅනේ මං කොහොමද රාලහාමිගෙන් සල්ලි ගන්නෙලකියල බාබර් බුවා සල්ලි ගත්තෙ නෑ ලු... මූ ඊලග දවසෙ සැලුන් එක අරිනකොට දොර ලඟ රාලහාමිගෙන් මල් පොකුරක් තිබුන...(සීන් එකට නෙමෙයි බං, ඒ රටේ එහෙමලුනෙ)... ඔන්න මේපාර එනවලු දොස්තර මහත්තයෙක්... උගෙත් නොමිලේ කැපුවලු ...(කොණ්ඩෙ) ....ඊටපස්සෙ දවසෙ සැලුන් එකේ දොර ලඟ ස්තූති කරල කාඩ් එකක් තිබුනලු...ඔන්න මේ පාර එන්නෙ හදවතින්ම ශ්රී ලාංකික
අපේ ඉජිනේරුවෙක්... වැදගත් උගත් මනුස්සයෙක් නිසා බාබර් බුවා මුගෙත් නිකන් කපල දුන්නලු (කොණ්ඩෙ)... ඔන්න බාබර් බුවා ඊලඟ දවසෙ එනවලු අද දොර ලඟ මොනා ඇත්ද කියල කල්පනා කර කර.....මෙන්න ලංකාවෙ උන් පෝලිමක් ඉන්නවලු නිකන් කොණ්ඩෙ කපාගන්න..
ලංකාවෙ අපි අනිත් අයට වඩා වෙනස්... අපි ඛෙදාහදාගන්න ජාතියක්.